Posts

Showing posts from September, 2017

වෙද සිසු සටනේ දෙබිඞ්ඩෝ - 05

Image
සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.  සම්මන්ත්‍රණයේ මූලික අරමුණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ මතවාදය ප්‍රචාරය කිරීම වූ  බැවින්  වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල කණ්ඩායමක් එයට සතියකට පෙර අදාළ නගරයට ගොස් එම නගරයේ නවාතැන්ගන්නා ලදී. එම සතිය  පුරා නගරයේ සියලු වීදි මාවත් ආවරණය වන පරිදි සිසුන් කණ්ඩායම් බැගින් ගෙන් ගෙට ගොස් දැනුවත් කිරීමේ කාර්යය සිදුකරන ලද අතර ආධාරද එකතු කරන ලදී. නගරය අවට පෝස්ටර් මගින් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකොට අවසන් දින සම්මන්ත්‍රණය පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණවලදී වාමාංශික දේශපාලන  පක්‍ෂවල කට්ටිවාදය නැවත ඉස්මතු විය.  මේ වනවිට බලය බෙදීම සම්බන්ධව දේශපාලන පක්‍ෂ අතර ප්‍රබල බෙදීමක් තිබුණු අතර උතුරේ බෙදුම්වාදී සංවිධානවලට සම්බන්ධ ඇතැම් පුද්ගලයෝ වෛද්‍ය සංගම්වල තනතුරු හොබවමින් සිටියෝය.

වෙද සිසු සටනට පත්තර සවිය - 04

Image
සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම යනු නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සැබෑ සටන එම අරගලයේ සියලු පාර්ශවයන්ගේ පොදු අරමුණ බවට පත්විය. සියලු වෛද්‍ය පීඨ තුළට ශිෂ්‍ය අරගලය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර රට පුරා සෑම වෛද්‍ය පීඨයන්හිම සිසුහු පන්ති වර්ජනයට එක්වූහ. අ.වි.ශි.බ.ම.ය සිය ශිෂ්‍ය අරගල ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාව බවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම පත්කර ගන්නා ලදී.  වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නිල ප්‍රකාශනය ඉතා නිර්මාණශීලි අංකුර පුවත්පත් කලාවේදීන් වන අතුල සේනාරත්න, සිසිර කීර්ති ජයවර්ධන ඇතුළු  සිසුන් කණ්ඩායම වෙත බාරවිය.  නව වෙද සිසු  හඬ අලුත් මුහුණවරකින් නව දැක්මක් සහිතව මුද්‍රණය වූ අතර එක් කලාපයකින් පිටපත් ලක්‍ෂයකට වඩා මුද්‍රණය කර බෙදාහැරීමට හැකිවිය.

පරාජය වසන්කොට වර්ජනය අතහැරීම - 03

Image
ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රතිපත්තියක් වෙනස් කිරීමේ අරගලය සඳහා බහුජන දායකත්වයේ වැදගත්කම අවධාරණය කළ රැඩිකල් කණ්ඩායම හුදකලා අරගලය තුළ වෛද්‍ය වර්ජනයට මුහුණ දී ඇති බරපතළ අනතුර  ඉස්මතු කරන ලදී. ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් පුළුල් අරගලයක් වෙත යාමට කටයුතු කළේය. සෞඛ්‍ය සේවයේ සියලු වෘත්තීය සමිති එක්වී වෛද්‍ය අරගලයට සහයෝගය දක්වමින් සංකේත විරෝධතාවක් පවත්වන ලදී. අ.වි.ශි.බ.ම. විසින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සංකේත වර්ජනයක් පවත්වා වෛද්‍ය වර්ජනයට හා වෛද්‍ය ශිෂ්‍ය අරගලයට සහයෝගය ප්‍රකාශ කරන ලදී. රජය විසින් වෛද්‍ය වර්ජනය විසඳීම සඳහා නිල මැදිහත්වීමක් සිදු නොකර විෂයට අදාළ නොවූ කැබිනට් ඇමැතිවරයෙකු වූ එස්. තොණ්ඩමන් මහතා වෛද්‍ය සංගමය සමග සාකච්ඡා සඳහා යොමු කරන ලදී. මෙමගින් බලාපොරොත්තු වූයේ තවදුරටත් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයකට මුහුණදී තිබූ වෛද්‍ය වර්ජනය අවසන් කිරීමේදී ලබාදෙන පොරොන්දු රජයේ නිල පොරොන්දු නොවන බවට පත් කරලීමය.

වෙද සිසු සටනේ රහස් වැඩ - 02

Image
වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ලෙස පසු කලෙක නම් කරනු ලැබූ, වෛද්‍ය පීඨය විසින් නිලවරණයෙන් පත් කර ගන්නා ලද ශිෂ්‍ය නියෝජිත කමිටුව ද මෙම අරගලය තුළ අභ්‍යන්තර බෙදීමකට ලක් වී තිබිණි. මුලින් සඳහන් කළ පරිදි නිලවරණ අවස්ථාවේ මතුව ආ මධ්‍යස්ථ මුහුණු සංවිධානාත්මක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් බව ඉක්මනින් හඳුනාගැනීමට හැකි විය.  රජයේ නියෝජිතයන් ලෙස සැලකු විරුද්ධ පක්ෂය සම්පූර්ණයෙන්ම නිලවරණයෙන් පරාජය වුවද, තෝරාපත් වූ කණ්ඩායම තුළට ද රහසේම තවත් කණ්ඩායමක් ඇතුළු වී ඇති බව පැහැදිලි විය. නියෝජිත කණ්ඩායම ලෙස ඉදිරි අරගලය මෙහෙයවීම සඳහා කමිටුවට නමක් යෙදීම, නිවැරැුදි දැක්මක් සකස් කර ගැනීම, නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හා වැඩපිළිවෙළ සකස් කර ගැනීම අවශ්‍ය විය.

නොනිමි සටනක මතක සටහන් - 01

Image
සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් ‘‘තී‍්‍රමා විතාන සමරු පදනම’’ ප‍්‍රකාශයට පත් කළ ‘‘සිසු අරගලයට මග කියන පහන් තරුව’’ ප‍්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.  ශ්‍රී ලංකා ඉතිහාසය පුරා ජූලි මාසය කළු ජූලියක් විය. 1987 ජූලි මාසය තවත් කළු ජූලියක් සනිටුහන් කළේය. ජූලි 30 වැනි දිනට නියමිත කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර විභාගය ඉලක්ක කොට ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කරන ලදී. එසේම සියලූ වෛද්‍ය සිසුන් ජූලි පළමු වැනිදා සිට කලූ පටි බැඳ දේශනවලට සහභාගි වීම ආරම්භ කරන ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අරගලයට සහාය දැක්වීම ආරම්භ කර තිබිණි. සංගමයේ විධායක කමිටුවේදී කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකට විභාගයන් නොපවත්වන ලෙසටද එකම ප‍්‍රමුඛතා සමඟ එකම ලේඛනයකින් සීමාවාසික පත්වීම් ලබා නොදීමට ද කටයුතු කළ යුතු බවට යෝජනා ස්ථිර කරන ලදී. ජුනි මස අවසානයේදී කොළඹ වෛද්‍ය පීඨ කායව්‍යවච්ෙඡ්ද ශාලාවේ පැවැති විශේෂ මහා සභා රැුස්වීමේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විධායක කමිටුව ගනු ලැබූ යෝජනා ඒකමතිකව සම්ම...