සටන් බිම ගිනියම් කළ ත්‍රීමාගේ හැඩකළ අකුරු - 10
හැමවිටම අපිට පොතපත පාඩම් කරන්නට උපදෙස් දෙයි. මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි. මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නේ ඔහුයි. නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි. මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත. පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය. රෑ නිදිමරාගෙන පාඩම් කළ අයුරු අපිට කියන්නේ ඇතැම් විට අපව සිනහ ගන්වමිනි. මම කලින් ලිපියක කිව්වා ත්‍රිමා පෝස්ටර් ඇඳපු බවක්, එය ඔබට මතක ඇතැයි සිතමි. පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා එය තීන්ත බාල්දියේ පොඟවා අඳින අකුරු කියන්නට බැරි තරම් හැඩය. පොඞ්ඩක් හෝ එහා මෙහා වෙන්නේ නැත. හැඩය වෙනස් වන්නේද නැත. එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි. අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය. ලස්සන අකුරුවලින් ඔහු පෝස්ටර් සිය ගණනක් අඳින්නට ඇත. අපේ දුම්ගෙයට සාමාන්‍යයෙන් ගින්දර දමන්නේ දවාලටයි. රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි. එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි. ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි. එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු තාත්තා...