Posts

නොනිමි සටනක මතක සටහන් - 01

Image
සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් ‘‘තී‍්‍රමා විතාන සමරු පදනම’’ ප‍්‍රකාශයට පත් කළ ‘‘සිසු අරගලයට මග කියන පහන් තරුව’’ ප‍්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.  ශ්‍රී ලංකා ඉතිහාසය පුරා ජූලි මාසය කළු ජූලියක් විය. 1987 ජූලි මාසය තවත් කළු ජූලියක් සනිටුහන් කළේය. ජූලි 30 වැනි දිනට නියමිත කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර විභාගය ඉලක්ක කොට ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කරන ලදී. එසේම සියලූ වෛද්‍ය සිසුන් ජූලි පළමු වැනිදා සිට කලූ පටි බැඳ දේශනවලට සහභාගි වීම ආරම්භ කරන ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අරගලයට සහාය දැක්වීම ආරම්භ කර තිබිණි. සංගමයේ විධායක කමිටුවේදී කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකට විභාගයන් නොපවත්වන ලෙසටද එකම ප‍්‍රමුඛතා සමඟ එකම ලේඛනයකින් සීමාවාසික පත්වීම් ලබා නොදීමට ද කටයුතු කළ යුතු බවට යෝජනා ස්ථිර කරන ලදී. ජුනි මස අවසානයේදී කොළඹ වෛද්‍ය පීඨ කායව්‍යවච්ෙඡ්ද ශාලාවේ පැවැති විශේෂ මහා සභා රැුස්වීමේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විධායක කමිටුව ගනු ලැබූ යෝජනා ඒකමතිකව සම්ම...

සටන් බිම ගිනියම් කළ ත්‍රීමාගේ හැඩකළ අකුරු - 10

Image
හැමවිටම අපිට පොතපත පාඩම් කරන්නට උපදෙස් දෙයි. මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි. මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නේ ඔහුයි. නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි. මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත.  පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය. රෑ නිදිමරාගෙන පාඩම් කළ අයුරු අපිට කියන්නේ ඇතැම් විට අපව සිනහ ගන්වමිනි. මම කලින් ලිපියක කිව්වා ත්‍රිමා පෝස්ටර් ඇඳපු බවක්, එය ඔබට මතක ඇතැයි සිතමි. පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා එය තීන්ත බාල්දියේ පොඟවා අඳින අකුරු කියන්නට බැරි තරම් හැඩය. පොඞ්ඩක් හෝ එහා මෙහා වෙන්නේ නැත. හැඩය වෙනස් වන්නේද නැත. එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි. අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය. ලස්සන අකුරුවලින් ඔහු පෝස්ටර් සිය ගණනක් අඳින්නට ඇත. අපේ දුම්ගෙයට සාමාන්‍යයෙන් ගින්දර දමන්නේ දවාලටයි. රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි. එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි. ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි. එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු තාත්තා...

ත්‍රීමාගේ මතක සුවඳ - 09

Image
දිනක් අපේ ගෙදරට තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර ඔහු තාත්තා සමග ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදී. ඉන්පසු තාත්තා අයියාව ගෙදරින් පිටත් කර හරිනු ලැබීය. රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙත තැනක් නැත. ඔහු දිගටම අපේ ගෙදර ආවේය. දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී මම තාත්තා සමග බහින්බස් වූයෙමි. තාත්තා පැවසූයේ අම්මාගෙ අසනීපය නිසා උයන්නට කෙනෙකු නොමැති බවකි. එහෙත් එය මට කළ හැකි බවක් ඔහුට තවදුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත් මා පියාගෙන් ඉල්ලූ අතර, ඒ සඳහා අවසරය ලැබුණි. ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නවාතැන් ගත් මේ සොයුරා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බව දැන ගන්නට ලැබුණා. රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අඳින ඔහු එක කොළයක් හෝ අපතේ නොයවයි. අපි ඒ දෙස බලා සිටින්නේ පුදුමයෙනි. එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය. අපි කොළයක් ඉල්ලුවොත් කියන්නේ නාස්ති කරන්න කොළ දෙන්න බෑ කියලයි.

මර්දනය දලුලා වැඩෙයි - 08

Image
වෛද්‍යවරයකු වීමට වරම් හිමිකරදෙනු ලැබූ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් වෛද්‍යවරයකුවීමේ සිහිනය අත්හැර අද දවසේ ජීවත්වන, හෙට දවසේ ජීවත්වන පරපුරක් වෙනුවෙන් ජීවිතය පූජා කළ සැබෑ මිනිසකු පිළිබඳ මතකය සදාකාලිකවම අප සමඟ රැඳී තිබේ.ත්‍රිමාගේ මරණයෙන් උත්පාදනය වූ ජන රැල්ලෙන් උඩට ගසාගෙන ආ ගොමරිටිය. ඔවුන් සියල්ලෝම මෙහි වග උත්තරකරුවෝය. 1988 මානව සංහාරයේ ත්‍රිමා එක් අයෙක් වුවද ඔහු ජීවිත පරිත්‍යාගයක සංකේතයක් ලෙස සියල්ලන්ටම ඉහළින් සිටියි. ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් සියල්ලෝම රාජ්‍ය භීෂණයේ ගිලටීනයෙන් හිස සිඳිනු ලැබුවෝය. අ.වි.ශි.බ.ම. කැඳවුම්කරුවකු වූ මොරටුව සරසවියේ නිමල් බාලසූරිය මිය යන්නේ එම බෝම්බය පිපිරි යාම හේතුවෙනි. ඔහුගේ මරණයේ සැබෑ වග උත්තරකරුවෝ ජාතික වීරයන් ලෙස අද ජාතික දේශපාලනයේ සිටිනු දැකිය හැකියි.                          

දරුවන්ගේ සටනට මවුපියන්ගේ සහය - 07

Image
මේ වන විට බොහෝ විශ්ව විද්‍යාල වසා දමා තිබුණු බැවින් සිසුහු වැඩි කොටසක් තම ගම් ප්‍රදේශවලට ගොස් සිටියෝය. මෙහිදී වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අ.වි.ශි.බ.ම. ය නව ක්‍රියාමාර්ග තෝරමින් සෑම දිස්ත්‍රික්කයකම අ.වි.ශි.බ.ම හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ දිස්ත්‍රික් කමිටු සංවිධානය කරන ලදී. මේ අනුව ත්‍රිමාවිතාන රත්නපුර අ.වි.ශි.බ.ම දිස්ත්‍රික් කමිටු නායකත්වයට පත් වූ අතර විශ්ව විද්‍යාලවල ක්‍රියාකාරී සිසුන් සෑම දිස්ත්‍රික්කයකම කමිටු පිහිටුවා දිස්ත්‍රික්කයේ විසිරී සිටින සිසුන් එක් කර අරගලය දීප ව්‍යාප්තව ගෙන යන ලදී. මෙම අරගලයට පාසල්වල ඉහළ පන්තිවල ශිෂ්‍යන්ද සහභාගී කර ගන්නා ලද්දේය. ඒ අතරම ශිෂ්‍ය නායකයින් දිස්ත්‍රික්ක මට්ටමේ ක්‍රියාකාරී වෙමින් එම දිස්ත්‍රික්ක හා නගරවල පැවැති වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් කම්කරු ව්‍යාපාරය ගොඩනැගීමට ද දායක වන ලදී. එසේම මර්දනය හේතුවෙන් අක්‍රියව පැවැති හෝ වෘත්තීය සමිති ගොඩ නොගැනී පැවති කර්මාන්තශාලාවල අළුතින් වෘත්තීය සමිති ආරම්භ කරන ලදී.

මළ කඳන් මැදින් සටන පෙරටම - 06

Image
1983 වෛද්‍ය ශිෂ්‍ය අරගලය අවදියේ කළු ජූලිය මඟින් සිදුවූ සමස්ත දේශපාලන ක්ෂේත්‍රයේ වෙනස් වීම් වෛද්‍ය ශිෂ්‍ය අරගලයට බල පෑ ආකාරයෙන්ම 87/88 වකවානුවේ රටේ සිදුවූ දේශපාලනික පෙරළීම් ශිෂ්‍ය අරගල කෙරේ සෘජුවම බලපාන ලදි. වෛද්‍ය පීඨයන්හි අධ්‍යයන කටයුතු නතර වී ශිෂ්‍යයන් පූර්ණකාලීන සටන්කරුවන් බවට පත්කර තිබූ මේ අවධියේ උතුරේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරයේ නැගී සිටීම හා ඔවුන් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බෝම්බ පිපිරවීමත් ඉන්දියානු බලපෑම උච්චස්ථානයට පත්වීමත් සමඟ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ජයවර්ධනගේ භූමිකාව පැහැදිලි වෙනස්කම් වලට භාජනය වෙමින් පැවැතිණි. කොළඹ සිදුවූ බෝම්බ පිපිරීම් හේතුකොට ගෙන ජයවර්ධන විසින් මැයි දින පෙළපාළි තහනම් කරන ලද්දේ රට තුළ රජයට එරෙහිව ගොඩ නැඟෙමින් පවතින විරෝධතාවන් පසු බස්වනු පිණිසය. එහෙත් ඒ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී පැවැති අතර අරගල සඳහා ජනතාව කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ.

වෙද සිසු සටනේ දෙබිඞ්ඩෝ - 05

Image
සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.  සම්මන්ත්‍රණයේ මූලික අරමුණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ මතවාදය ප්‍රචාරය කිරීම වූ  බැවින්  වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල කණ්ඩායමක් එයට සතියකට පෙර අදාළ නගරයට ගොස් එම නගරයේ නවාතැන්ගන්නා ලදී. එම සතිය  පුරා නගරයේ සියලු වීදි මාවත් ආවරණය වන පරිදි සිසුන් කණ්ඩායම් බැගින් ගෙන් ගෙට ගොස් දැනුවත් කිරීමේ කාර්යය සිදුකරන ලද අතර ආධාරද එකතු කරන ලදී. නගරය අවට පෝස්ටර් මගින් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකොට අවසන් දින සම්මන්ත්‍රණය පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණවලදී වාමාංශික දේශපාලන  පක්‍ෂවල කට්ටිවාදය නැවත ඉස්මතු විය.  මේ වනවිට බලය බෙදීම සම්බන්ධව දේශපාලන පක්‍ෂ අතර ප්‍රබල බෙදීමක් තිබුණු අතර උතුරේ බෙදුම්වාදී සංවිධානවලට සම්බන්ධ ඇතැම් පුද්ගලයෝ වෛද්‍ය සංගම්වල තනතුරු හොබවමින් සිටියෝය.

වෙද සිසු සටනට පත්තර සවිය - 04

Image
සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම යනු නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සැබෑ සටන එම අරගලයේ සියලු පාර්ශවයන්ගේ පොදු අරමුණ බවට පත්විය. සියලු වෛද්‍ය පීඨ තුළට ශිෂ්‍ය අරගලය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර රට පුරා සෑම වෛද්‍ය පීඨයන්හිම සිසුහු පන්ති වර්ජනයට එක්වූහ. අ.වි.ශි.බ.ම.ය සිය ශිෂ්‍ය අරගල ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාව බවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම පත්කර ගන්නා ලදී.  වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නිල ප්‍රකාශනය ඉතා නිර්මාණශීලි අංකුර පුවත්පත් කලාවේදීන් වන අතුල සේනාරත්න, සිසිර කීර්ති ජයවර්ධන ඇතුළු  සිසුන් කණ්ඩායම වෙත බාරවිය.  නව වෙද සිසු  හඬ අලුත් මුහුණවරකින් නව දැක්මක් සහිතව මුද්‍රණය වූ අතර එක් කලාපයකින් පිටපත් ලක්‍ෂයකට වඩා මුද්‍රණය කර බෙදාහැරීමට හැකිවිය.